Wednesday, 9 March 2016

වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්... මොණරාගල වතුර project grand finale

නෝනාවරුනි / මහත්වරුනි

මොණරාගල වතුර project විස්තර 1
මොණරාගල වතුර project විස්තර 2

ඔය උඩින් ලින්ක් දාපු ලිපි නොකියවපු නෝනලා මහත්තැන් ල මේක කියවන්නත් ඒ හැටි උනන්දුවක් නොවෙන බව විස්වාසයි. ඒ වගේම ඒ කොටස් දෙක කියෝලා මේක දානකම් බලන් උන්නු කොටහකුත් උන්න බව විස්වාසයි. ඔන්න ඉතින් අපේ චැරිටි පිස්සුවෙ අවසන් වාර්තාව පුස් කන්න කලින් දානවා. 

පහුගිය හතර වෙනිදා අපි අපේ මියාගල විදුහලේ වතුර project එක සාර්ථකව විවෘත කොට මොනරාගල සිට  නැවත කොළඹට පැමිණියා. විවෘත කිරීමක් අපි බලාපොරොත්තු නොවුවත් ඔවුන්ගේ උවමනාවට අපි එහෙට යනකොට ඔවුන් ඉතා උනන්දුවෙන් ඒ සඳහා සුදානම් වී සිටියා. සාජන් මහතා හා ලොකු සර් එක්ක කතා කරලා තේරුම් ගත්ත විදියට අපිත් පොඩි සුදානමකින් තමයි ගියේ. කොටින්ම අපේ ඇඳුම් පැළඳුම් පවා එහෙම තැනකට සුදුසු වෙන විදියට වෙනස් කරගත්තා කලින් කතා කරලා.. 
වතුරයි සිනහවයි දොරේ ගලාගිය ඒ අපුරු මොහොත..
ගමනට වෙනදා වගේම මගේ අතිජාත ගමන් සගයින් දෙදෙනා වන දිමුතු සොම්නස් (කටුස්සා), ඇනොපිලිස් (මුද්දා) එක්ක මේ වතාවේ අවන්හල ලියන මහේෂ් රත්නායක හා චක්කරේ ලියන කාවින්ද රුපස්සර (රූපේ) ත් එකතු උනා.. එයිටාමතරව කැමරාම්පන්න අතින් කටින් එල්ල ගත්ත LNW එකේ සංජීව සොයුරාත් මෙදා පාර ගමනට සෙට් උනා.. සාජන් මහතාත් අපිත් සමඟ මොනරාගල සිට ගමනට එකතු උනා.
කැමරාව පිටුපස හිටි මුද්දා හැර අනිත් සෙට් එකම මෙතන ඉන්නවා..
ඉස්කෝල ළමයි එක්ක වැඩ කරන එක හරි පරිස්සමෙන් කරන්න ඕනි. අපි වතුර නෙවෙයි රත්තරන් දුන්නත් ඒ ළමයින්ට ඒවායේ ඒ හැටි වටිනා කමක් තේරෙන්නේ නෑ.. ඉතින් මේ ගමන් යනකොට ඒ ළමයින්ට 'වටිනා' තෑගි ටිකකුත් ගන්න අමතක කරේ නෑ.. ළමයි නොවෙයි කොයි කවුරුත් තෑගී වලට කැමතියි. අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ නේද? 

ඉතින් අපි කොළඹ සිට යනවිට ළමයින්ට වගේම ගුරුවරුන්ටත් පොදුවේ ඉස්කොලෙටත් අපිට උදව් කරපු සාජන් මහත්තයාටත් ගැලපෙන තෑගි ටිකකුත් අරන් ගියා. ළමුන් ඔක්කොම සිය දෙනයි. පාසලේ ළමුන් 85ක් හා අවිධිමත් අද්‍යාපනය හෙවත් නොයෙක් හේතු නිසා පාසල් යාම මඟහැරුණු ලමුන් වෙනම කණ්ඩායමක් ලෙස පුහුණු කරන (විශේෂ උපදේශක මහතෙකු විසින්) 15 දෙනෙකු වශයෙන්. ඒ පාලොස් දෙනා ගැන කලින් දැනන් උන්නේ නෑ.නමුත් ලොකු සර් එක්ක බදාදා හවස අවසන් වශයෙන් කතා කරන විට ඔවුන්ටද එදාට පාසලට ගෙන්වන බව කියූ නිසා ළමුන් 85ක් වෙනුවෙන් ලබාගත් තෑගී වලට අමතරව පොත් පත් ආදිය මිලට ගැනීමට සිදු උනා. මගේ වැඩ දිහා මුල ඉඳන්ම බලාගෙන හිටි මගේ රූමා වෙන මාග සමාගමේ ජෙෂ්ට ඉංජිනේරුවෙකු වන නිශාමල් ජයසේකර මහතා ඒ වෙලාවේ ඒ ළමුන් පාලොස් දෙනාට තෑගි ලබා දීමේ වගකීම බාර ගත්තා. ඔහුට ස්තුතියි.






තෑගිත් එක්ක පිටකොටුවේ හා කාමරයේදී ඔට්ටු වෙමින්
එක ළමයෙකුට පිටු 80 පොත් 4ක් බැගින් පොත් 400  (මේ සඳහා විදානේ පොත් 170ක් ලබා දුන්නා. 230ක් මම මිලදී ගත්තා)
පැන්සල් 240
පෑන් 150
මකන කෑලි 100
අඩිරුල් 100
කටර් 100

ගුරුවරුන් සඳහා.. 
තිලකසිත බ්ලුක් එක බැගින් පොත් 15ක් (තිලකසිත ගේ පරිත්‍යාගය)
සයිනින් පෙන් එකක් ලස්සන බොක්ස් එකක් සමඟ - 15ක් 

පුස්තකාලයට පොත් 25ක් (මේ සඳහා ඉයන් විසින් රුපියල් 21000කට වඩා වටිනා පොත් 100ක්- වර්ග 25කින් එකකින් 4 බැගින්- ලබා දුන්න. නමුත් එකම පාසලට එකම පොතේ කොපි 4ක් අනවශ්‍ය බැවින් තවත් එවන් පාසල් කිහිපයකට බෙදා දීම සඳහා එයින් සෙට් තුනක් ඉයන් හා කතා කර මා වෙන්කර තැබුවා. ඉදිරියේදී මේනක ලාගේ පාසැල ආදී වශයෙන් යන තැන්වලදී අවශ්‍යතාවය අනුව ඒවා බෙදා දෙන්න පුළුවන්.)

ක්‍රීඩා භාණ්ඩ- සයිස් 2ක ක්‍රිකට් (සැහැල්ලු පන්දු) පිති දෙකක්.. ක්‍රිකට් බෝල 9ක්. (මෙයින් 6ක් නැවතත් මා මිත්‍ර නිශාමල් ජයසේකර ගේ පරිත්‍යාගයක්.) හා ස්ටම්ප් සෙට් එකක්.
හොඳම තත්වයේ වොලිබෝල් දෙකක් හා වොලිබෝල් නෙට් එකක්.. 

සාජන් මහත්තයට- වටිනා අත් ඔරලෝසුවක්.

ඒ වගේම ඒ වෙලාවට ළමයින්ට ඔය හැම එකකටම වඩා වටින්නේ මොනවද කියලා අපි අත්දැකීමෙන් දැනගෙන හිටියා. ඒ නිසා මොණරාගලින් මිලට ගත්තා කෑම/ රසකැවිලි වශයෙන්

හයිලන්ඩ් කිරි පැකට් 120ක්
රෝලෝ කේක් 120ක්
ටොෆී පැකට් 4ක් (ටොෆී 600ක් පමණ)
කිට් කැට් චොකලට් පොඩි 36 බැගින් වූ පැකට් 7
ග්‍රොසරි බෑග් 120.
(ළමුන් සියයක් පමණක් වුවත් මව් වරුන් සමඟ එන අතදරුවන් සිටිය හැකි බැවින් මෙහිදී අමතර 20ක් මිලට ගත්තා හැම වර්ගයකින්ම.- මේවා මොනරාගල සිට මියගලට යන අතරට ග්‍රොසරි බෑග් වලට දමා පාර්සල් කර ගත්ත..)

පන්සලේ හාමුදුරුවන්, කොට්ටාශ අධ්‍යාපන අද්යක්ෂක තුමා, ගුරු උපදේශක මහතුන් දේපලක්, විදුහල්පතිතුමා, ගුරුමණ්ඩලය, දෙමව්පියන් හා සියලු දරුවන් අපි එනතුරු 'තොරන් බැඳන්' බලන් හිටියා.. ලොකු බාස් උන්නැහේ උදේ දේව දානය දී තිබුනා.
අපි ගිය ගමන් ළමුන් දෙදෙනෙකු බුලත් දී පිළිගත්තා. අනෙකුත් ආරාදිතයින් සමඟ ළමුන්ගේ හා දෙමව්පියන්ගේ අත්පොලොසන් හඬ මැද්දේ පාසලට ගිහින් ජාතික ධජය, බෞද්ධ හා පාසල් ධජ ඔසවා ජාතික ගීය (සිංහලෙන් පමණක්) හා පාසල් ගීය ගයා උත්සවය ආරම්භ කරා. ඉන්පසු ළමුන් වෙනුවෙන් සැකසු ටැප් 3කින් යුතු වතුර බොන ස්ථානය පිත්ත පටියක් කපා නිල වශයෙන් විවෘත කරා. මගේ ආරාධනයෙන් මේ සඳහා පාසලේම ළමුන් සහභාගී උනා.



තේ පැන් සංග්‍රහයක් ඊළඟට.. මඩු පිටිවලින් කොල ගොටු වල හැදු 'ගොටු පිට්ටු' හැලප, කිරිබත්, දේව දානය සඳහා ඉවූ බත්, කැවුම් කෙසෙල්ගෙඩි ඇතුළු මේසය මගුල් මේසයක සිරි ගත්තා.. ස්වභාවික දොඩම් පානයක් හා තේ බොන්නට ලැබුනා. 
ඉන්පසු උත්සවය. විදුහල්පතිතුමා හා පාසලේ දරුවෙකු පිළිගැනීමේ කතාව කරා. මගේ කතාවේදී බ්ලොග් කියන්නේ/ නෙලුම්යය කියන්නේ මොකක්ද, මේ project එක කරන්න අපිට 'සෙට් වුන' විදිය, මිට මුදලින් හා ශ්‍රමයෙන් දායක වුනු හැමෝවම හා ළමුන්ගෙන්/ දෙමවුපියන්ගේ අපි බලාපොරොත්තුවෙන දේ ගැන කෙටියෙන් සඳහන් කරා. 


විදුහල්පතිතුමා හා දියනියේගේ පිළිගැනීමේ කතාවලින් පසු මගේ කතාව..
මේක හරියටම අපි පටන් ගත්තේ පහුගිය නිදහස් දවසේ එනම් පෙබ 4 සුභ මොහොතින්. මාර්තු 4. හරියටම මාසයක් ඇතුලත මේ වැඩේ නිම කරන්න අපිට හැකිවීම කොට්ටාශ අද්යාපන අද්යක්ෂක තුමාගේ කතාවේදී පැසසුමට ලක් උනා. ඔහුගේ වචනයෙන්ම කියනවනම් රජයෙන් මේ වගේ දෙයක් කරනකොට 'පලවෙනි ලියුම් කීපය ගනු දෙනු වෙන්නත් මිට වඩා කාලයක් යනවා'.. 
කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා කතා කරමින්
දෙමව්පියන් අතරින් එක අයෙක් කතාකරා. ඔහු ඉතා ලස්සන කතාවක් කියුවා අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඉදිරියේදී. මේ පාසලට එන මාර්ගයේ හරහට මිට වසර කිහිපයකට කලින් විශාල දිය අගලක් ගලා ගිය බවත්, වැස්ස වෙලාවට මේ හරහා ළමුන් එහෙ මෙහෙ යාම භයානක බවත් කියා පාර සකස් කර දෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ගෙන් ඉල්ලු එක අවස්ථාවක 'අහස දිහා හොඳට බලාගෙන ඉඳල කළු කරගෙන එනකොට ඉස්කෝලේ වහන්න' කියා උපදෙස් ලැබුණු බව. එවන් නිලධාරීන් සමඟ ඔට්ටු අල්ලා හෙම්බත් වී සිටි ඔවුන්ට මෙය සිහිනයෙන් ලැබුනාක් මෙන් බවත් වසර 67ක පාසල් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සලකන බවත්. ඔහුගේ අදහස එතන සිටි හැම වැඩිහිටියෙකුගේම මුහුණින් පිළිබිඹු උනා. කතා නොකරට ඔවුන් හැමෝම හිටියේ සතුටින්.
දෙමව්පියන් වෙනුවෙන් සුදුබන්ඩා මහතා කතා කරමින්..
ගෙනියපු තෑගි හැමෝටම බෙදලා දුන්නා.. හාමුදුරුවන්ට කොට්ටාස අධ්‍යාපන අද්යක්ෂක මහතාට හා ගුරු උපදේශක දෙපලට පවා ගුරුවරුන්ට දුන් තෑගී ම ලබා දුන්නා. සයිට් විසිට් එකක් ගිහින් වැඩෙත් බලල කෑම කාල හැමොත් එක්කම කතා බහ කරලා හවස තුනට විතර අපි මීයගලින් එන්න පිටත් උනා හරිම සතුටින්.






රසකැවිලි හා තෑගී, දරුවන්, දෙමවුපියන් හා ගුරුවරුන් අතර බෙදා දෙමින්..
සාජන් මහතාට විශේෂ තෑග්ගක්..
ලිපිය දිග වැඩි වෙන නිසා කතන්දරේ ඉතුරු හරිය ෆොටෝ වලින් දාන්නම්. එත් අමතක නොකරම බැරි පිරිසක් ඉන්නවා මේක පිටිපස්සේ. ඒ මේ වැඩේට මුදලින් හා ශ්‍රමයෙන් ආධාර කරපු අපේ මිත්‍රයෝ ටික. නම් ටික විතරක් ලියන්නම්. 

ප්‍රධාන කර්තව්‍ය සඳහා
සැහැල්ලුවෙ සිංහයා..
සිත්ආරේ නලිනි චන්දිමා..
මෙත්මාගේ මිතුරු චන්දන නවරත්න (බ්ලොග් රසිකයෙක්)
සඳ වියමන් හි සඳමාලි සකුන්තලා..
සොඳුරු අතීතයෙන් බිඳක් හි කවිඳු ජයසිංහ..
කවිඳු ගේ මිතුරු පල්ලෙබැද්ද රෝහලේ වෛද්‍ය උදය රුක්මල්.. 
තරු දානේ හි විදානේ..
ඕස්ට්‍රේලියාවේ සිටින තිසර..
නම සඳහන් කිරීමට අකමැතිවූ ඇනෝ කෙනෙක්.. (ගිය පාර පොස්ට් එකෙන් පස්සේ)
සහ නෙලුම්යාය වෙනුවෙන් චන්දිම සහ අජිත්..

*** තව උදව් කරන්න කීප දෙනෙක්ම ඉදිරිපත් උනත් වෙලාවේ හැටියට උදව්වක් අවශ්‍ය නොවුණු තැන්වලදී කාරුණිකව ප්‍රතික්ෂේප කරා.. ඉදිරි වැඩකදී ඔවුන්ව සම්භන්ද කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.. 

තෑගී ගැනීම සඳහා
ඉයන්.. (පුස්තකාල සඳහා පොත් වලින්)
තිලකසිත (ගුරුවරුන් සඳහා 'තිලකසිත' බ්ලුක්වලින් හා මුදලින්)
විදානේ.. (ඇක්සයිස් පොත් වලින්)
මගේ රූමා නිශාමල් ජයසේකර (ක්‍රීඩා භාණ්ඩ හා මුදලින්)
තාම නම හොයා ගන්න බැරිවුනු ඇනෝ කෙනෙක්
අපිත් එක්ක දිගටම මේ වැඩේට එකතු උණු නම කියන්න එපාම කියපු තව මිත්‍රයෙක්.

ශ්‍රමයෙන්..
කටුස්සා, මුද්දා, විදානේ, මහේෂ්, රූපේ ඇතුළු බ්ලොග් මිතුරන් 
LNW එකේ උපුල් නිශාන්ත, සංජිව ඇතුළු මාධ්‍ය මිතුරන්
විදුහල්පතිතුමා හා ගුරුවරුන්..
ගමේ ළමුන්ගේ දෙමව්පියන්..
ලිඳ පිහිටි ඉඩමේ හිමිකරු..
ලොකු බාස් උන්නැහේ හා ගෝලයෝ..
සාජන් මහතා 
අපේ මස්සිනා..
අපේ අක්කා.. (මහන්සිය නොබලා ගිය හැම වතාවේම අපිට නිදාගන්න සකස් කරලා දිම හා රසට කන්න උයා දීම සම්භන්ධයෙන්)
මගේ බිරිඳ (මං රට වටේ සමාජ සේවේ කර කර යන කොට ළමයිනුත් බලාගෙන තනියම ගෙදර වැඩ ටික අදින එකට)
අපිත් එක්ක වාහනවල එහෙට මෙහෙට මහන්සිය නොබලා ගිය රියදුරු මහත්වරුන්
හා නම නොකියවුණු එහෙත් වචනෙකින් හරි උදව් කරපු හැමෝම..


කඩි-නමින් ඉදිවුණු වතුර ටැංකි කුළුන හා වතුර කරාම..

විවෘත කරපු ගමන් බෝධිය නාවන්න වතුර එකක් අයින් කරගන්න ලොකු බාස් උන්නැහේට ඕන උනා..
නිදහසේ වතුර බොන්න ආරාධනා කරාට මේ පොඩි උන් එකෙක්වත් කරාමයක් අරින විදිය දැනගෙන හිටියේ නෑ.. අන්තිමට අම්මෙකුට සිද්ද උනා ඒ මැජික් එක කරලම පෙන්නන්න.. 



ආ.. ඔය එන්නේ වතුර.. ඒක තව දුරටත් හීනයක් නෙවෙයි.. 


 ලොකු සර් ගේ ඔෆිස් එකට ,ගුරු නිවසේට හා පන්ති කාමර ලඟටත් වතුර.. 
පන්සලේ හාමුදුරුවන්ගෙන් දීර්ඝ අනුශාසනාවක්..
 ගුරුවරුන් වන අපිටත් සන්තෝෂයි..
ඔන්න අද අයියලාගෙන් නංගිලා මල්ලිලාට තෑගි බඩ පිරෙන්නම..




 පැණි රස ටෝෆියක් උඩ තල්ලේ ඇලුනම ගලවා ගන්නේ මෙහෙමයි..



ඉගෙන ගන්න අත්වැලක් වෙන්න පුංචි තෑගි ටිකක් අපිට පුළුවන් විදියට.. පහලම පින්තුරේ ඉන්නේ මේ පාර සාමාන්‍ය පෙළ ලියන දුවලා තුන්දෙනා.. මැද ඉන්නේ සුදු බණ්ඩා මහතාගේ දුව.. තාත්තා කතා කරනකොට ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන හිටියා. 

 ලිඳ ළඟදී..

ආර හරහා..

ලිඳ අයිති සෙනෙවිරත්න මහතාගේ නිවාස හා පායන කාලයේදී පන්සලේ හාමුදුරුවන්ට පන් පහසුව සලසා දීම සඳහා ඒ අසලින් දමා දුන් නාන කරාමය..
මේවා නම් මම දැක්කේ නෑ..

 හෙට එච්චර කළුවර නෑ පුතේ.. 

 එනින් ගමන මෙයාවත් මුණ ගැහුනා උඩවලවේදී..

හැමෝටම ස්තුතියි ගොඩක්... 

100 comments:

  1. අනගියි, හිටින් මන් මේකට දාන්න උන්නු කමෙන්ට් එක කොටාන එනකල්.

    ReplyDelete
    Replies
    1. ඒ එක්දාස් නමසිය හැටේ දශකෙ එක දවසක්.

      මැන්දිස් රෝහණදීරත්, තිස්ස කාරියවසමුත් දවල් දෙකට විතර රෝහණධීරගෙ පරණ ඊ ඇල් අන්කධාරී මයිනරේ නැගල ගම්පහ සේකරගෙ ගෙදරට ආවලු.

      "සේකර, සරත්චන්දර උන්නැහෙ නිදි පෙති බීල හොස්පිටලයිස් කරල කියල ඊයෙ රෑ පණිවුඩයක් ආව. මේ රෝහනගෙ පරණ කාරෙකේ පේරාදෙණි යන්න අමාරුයි. අපි හිතුවෙ මේ පණිවුඩේ සේකරත් කියල, සේකරගෙ කාරෙකේම යන්න"

      කියල කාරියවසම් මහත්තය කිව්වලු.

      සේකරත් "එහෙමනම් නොගිහින් කොහොමද, ඉන්න අපි යමු" කියල ගෙට ගිහින් ඇඳුමක් දාගෙන ඇවිත් වාහනේ පාරට ගත්තලු.

      තුන්දෙනා පේරාදෙණියෙ සරත්චන්ද්‍ර බන්ගලාවට යනකොට උන්නැහෙ නෝන එක්ක මිදුලෙ බැඩ්මින්ටන් ගහනවලු.

      ආ කාරණය නොකිය, සේකරගෙ තුන්මන් හන්දියට ලොකේෂන් බලන්න ආ වගක් කියල තුන්දෙනා ආපිට එන්න ආවලු.

      මගදි තේකක් බොන්න නතර කරල, ඊයෙ අවුල් උනාට අද නිරවුල් වෙන ජාතියෙ මේ මනුස්සයන්ගෙ පුදුම ගති ගැන තුන්දෙනා ටිකක් ගැඹුරින් කතා උනාලු.

      ඒ සාකච්ඡාව ඉවර වෙලා තීන්නෙ සේකර,

      "මිනිස්සුන්ගෙ හැඟීම් තෙරිරුම් ගන්න අමාරුයි, ඒව හරි පුදුමයි. අද කුසුමලතාට පළවෙනි දරුව ලැබිල රෝහලෙන් ගෙදර ගෙනා දවස. අම්මයි පුතයි අද තමා ගෙදර ආවෙ. ඒ දෙන්න දාල තාත්ත යනව සමාජ සේවයට. මේව තේරුන් ගන්න බැරි හැඟීම්" කියල කිව්වමලු.

      කමිය, උඹත් එදා සේකර වගේ අර බඩ දරු අම්මව, අලුත උපන් පැටියව ගෙදර දාල, බස්වල කට්ට කාගෙන, නිදිමරාගෙන ගිහින්, අපි හැමෝගෙම දායකත්වයට, මුදලෙ වටිනාකමට බින්දුවට වැටෙන, අපිට හිතන්න බැරි දෙයක් කරා.

      මේ කතාව ඉවර කරන්නම් සේකරගෙම උපුටනයකින්.

      ස්තූති කල යුතුමද ඔහු? ඉටු කරන්න තමා අත ඇති වගකීම, නොසිතා එහි ඵල විපාක - භගවත් ගීතාව.

      Delete
    2. ඉන්දික මේ කොමෙන්ටුවෙන් ඉදිරිපත් කල සුන්දර අදහස මම එක හිතිනම් අනුමත කරනවා. කමියාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ වැඩේ විශිෂ්ටයි. එසේම ඔබේ හා ඉයන්ගේ දායකත්වය නැත්නම් මේ වැඩේ කෙරෙන්නේත් නැහැ. ඒ සඳහා නැවතත් ස්තුතියි. වඩා හොඳ එකමුතු කමකින් බ්ලොග් සම්මාන උළෙලට අපට පිය නමන්න පුළුවන් කියල හිතනවා.

      Delete
    3. අැත්තටම ඇඩෙනවා..

      Delete
    4. ඒ වුනාට අඩන්න එපා. හිනා වෙයං..

      Delete
  2. අලියෙක් සහ පිටි පස්සෙන් වතුර ගොඩාක්....

    ජය !!

    ReplyDelete
    Replies
    1. හොඳට ගැලපෙනවා නෙහ්? :p

      Delete
    2. ආයෙත් අහලා, උඹලෑ මුලු ප්‍රොජෙක්ට් එකම ඒ ෆොටෝ එකෙන් සාරංශගත වෙලා....

      Delete
    3. හා හා.. මුද්දගේ වැඩ තමයි.. :)

      Delete
  3. කියන්න වචන නැ. නියම වැඩක්. අනාගතේදී ඔය වගේ වැඩ කරන්න හැකි වේවා.

    ReplyDelete
    Replies
    1. අනාගතය ඔයාලට බාරයි.. :)

      Delete
  4. කියන්න වචන නැහැ. මේක දෙස්සපාලුවෙක් කලානම් ඌ අවුරුද්දක්වත් ගන්නවා. කොමිස් කුට්ටිය පොඩි නම් කරන්නේ නැහැ.

    මෙන්න මේවා තමයි නියම පින්කම් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක තුමනි.

      Delete
  5. සිත පහන් වුනා.හරිම හැඟීම්බරයි.උඹ ලියල තියෙන හැටි තවත් අගෙයි.

    ReplyDelete
  6. කළමනා කොච්චර හොඳ වුණත් රස කෑමක් හැදෙනවානම් හැදෙන්නේ ඒවා එකතු කර නිර්මාණය අවසන් කරන කෝකියා අතින්. මෙම කර්තව්‍යයේ සාර්ථකත්වය සම්පූර්න්යෙන්ම සිදුවුණේ ඔබගේ කැපවීම සහ උත්සාහය නිසා. මෙවන් සේවාවන් තවත් කිරීමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. කුක් හොඳ උනාට හිතේ හැටියට උයන්න කළමනාත් තියෙන්න ඕනි. ස්තුතියි ඉයන්.. :)

      Delete
  7. අර ළමුන් 15 කතාවෙන් තේරෙනවා ඒ පාසල පිං කරන පාසලක් කියලා.ඒකනෙ එයාලට මෙහෙම දෙයක් ලැබුනෙ.
    ඉංදික අයියා බොහොම පැහැදිලිව උඹල ගැන කියල තියෙනවානෙ..
    අන්තිමට ගස්ලබ්බගෙ ඇස් තෙත් උනේ මේ වාඛ්‍යය ට..
    //නිදහසේ වතුර බොන්න ආරාධනා කරාට මේ පොඩි උන් එකෙක්වත් කරාමයක් අරින විදිය දැනගෙන හිටියේ නෑ.. අන්තිමට අම්මෙකුට සිද්ද උනා ඒ මැජික් එක කරලම පෙන්නන්න.. //
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් ටිකක් වෙලා ගිහින් මීටර් උනේ ඇයි මේ ළමයි වතුර බොන්නේ නැත්තේ කියල.. මට ෂොක් එකක් වැදුන වගේ උනා එක පාරටම.. ඇත්තටම පුංචි උනාට ඉස්කෝලේ හරි පින් පාටයි බං..

      Delete
    2. මාත් ආවේ ඒ කොටස ගැන ලියන්නයි!
      එළ වැඩකි. ජයවේවා.
      සතෙන් සතේ, රුපියලෙන් රුපියල!

      Delete
    3. ඔව් අනේ ඒක කියෙව්වම ඇස්දෙක තෙත වෙලා ගොළු උනා

      Delete
    4. //සතෙන් සතේ රුපියලෙන් රුපියල//ට වටිනාකම- //ඒක කියෙව්වම ඇස්දෙක තෙත වෙලා ගොළු උනා// :)

      Delete
  8. තව තවත් මෙවන් සත්කාරයන් කරන්නට ශක්තිය දහිර්ය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ධෛර්ය ලැබෙන්න ඕනි උඹලගෙන් තමයි ඉතින් ඉස්සරහට.. :)

      Delete
  9. තමන්ගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්දද්දීදී .. කල්‍යාණ කරපු මේ කැපකිරීම මුදලින් මනින්න අමාරුයි. සමහර බ්ලොග් කරුවන් ශ්‍රීලංකාවට අවේනික දේශපාලන මඩගොහොරුවේ ගිලෙමින් බ්ලොග් අවකාශයේ එකිනෙකා කුළල කෑ ගන්නා අතර සමාජයට දැනෙන වැඩක් වෙනුවෙන් වෙහෙසුන ඔබ , කටුස්සා , මුද්දා ඇතුළු පිරිසට අපේ උපහාරය !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔබ තමයි මුල්ම 'ගඩොල' බැන්දේ.. ඒ වගේම මුල ඉඳන් අග වෙනකම්ම ධෛර්ය දුන්නේ.. :)

      Delete
  10. සුපිරි වැඩක්, ඔබ සැමට ජය !!! කමි අයියට පින්.

    ReplyDelete
  11. No words to say how great this is. Well done.

    ReplyDelete
  12. මිනිස්සුන්ට අනුන්ගෙ දුක තේරෙන්නෙ නැහැ. තේරුනත් ඒ ගැන යමක් කරන්න්නෙ නැහැ. කරත් ලොක්ප්‍රකාශයට මිසක් එයින් දුප්පත් අයට වෙන යහපතක් නැහැ . ඉතින් මෙවන් සමාජ සත්කාරයක් තමන්ගෙ වියදමින් කරල . ඒ වෙනුවෙන් තමන්ගේ කාලය වැය කළ ඔයාලට අපේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසමාලි.. ඉස්සරහට ඔයත් උදව් කරයි කියලා හිතනවා ;)

      Delete
  13. හුරා.....
    ජයවේවා....
    මං මේක කියෙව්වට පස්සෙ මඩ පෝස්ට් එකක් ලියන්න හිටිය අදහස අතෑර ගත්ත
    ඒත් දෙයියනේ අර රූපෙයි මුද්දයි දීපු ආතල් ගැන කතා නොකර කොහොමද..
    ඇයි අප්පේ අපේ කමි මහත්තයගෙ වෙලාවටම ඇහැරෙන හොද පුරුද්ද ගැන
    කට නිකං කහනව කහනව වගේ

    ආයෙත් මේ වගේ එකක් කරද්දි ආයෙත් අපිට කතා කරයි කියල බලාපොරොත්තු වෙනව.
    ඇත්තටම කියනව නං ජීවිතේ වැඩිපුරම සන්තෝස වෙච්චි දවසක්...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. උඹලා දෙන්න එදා ආපු එක ලොකුම උදව්වක්.. දැක්කනේ මං ස්ටේජ් එකේ වාඩිවෙලා ඉන්න අතරේ උඹලට තිබ්බ වැඩ ගොඩ. ඒකට මන් විශේෂයෙන් ස්තුති කරේ නැත්තේ එහෙම උනොත් උඹලගේ මහන්සියට අසාධාරණයක් වෙන නිසා..

      මේක ඔෆීෂියල් පෝස්ට් එක නිසා මඩ කෑලි මම දැම්මේ නෑ ඉතින්.. ලියහන් ලියහන් ආයි මක්ක වෙනවද? :)

      Delete
  14. මිනිස්සු ඉන්නේ මිනිස්සුන්ට ඉඋදව් කරන්න, ලෝකය ලස්සන වෙන්නේ එතකොට , සල්ලි කොච්චර තිබ්බාත් මේ වගේ වැඩකට ශ්‍රමය සහ කාලය කැප කරන්න පුළුවන් වෙනවා කියන්නේ ලෝකේ ලොකුම පින . උඹ ගැන ආඩම්බරයි හදවතින්ම .

    ReplyDelete
    Replies
    1. ආව්.. කොලර්ස් අප්. තැන්කියු මචං..

      Delete
  15. ඇස් දෙක බොදවෙලා කදුලු පිරුන.....සතුටුයි අයියෙ ඇත්තටම සතුටුයි..ඔය වගේ වැඩ කරන පුද්ගලයො අපේ රටට ඉන්නෙ කීයෙන් කී දෙනාද..ආය වැඩක් තියනවන්න් කියන්ඩ...පුලුවන් හැම උදව්වක්ම කරනව....ජය වේවා...

    ReplyDelete
    Replies
    1. රසික සහෝ සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ස්තුතියි. ඉස්සරහට අපිත් එක්ක එකතු වෙන්න.. ජය වේවා!

      Delete
  16. ජයවේවා කාමියා ඇතුළු සැමට .....

    කාසිවලට ගන්නත් බෑ
    කාසිවලට දෙන්නත් බෑ
    මනුස්සකම මිනිස්සුනේ
    කාසි වාසි ඇති අය ළඟ
    බොහොම හිඟයි ගන්නට නෑ
    මනුස්සකම මිනිස්සුනේ.....

    දිඹුල් ගහක් ළඟට ගිහින්
    අඬන්නෙපා මල් ඉල්ලා
    මරු කතරක් මැදට ගිහින්
    අඬන්නෙපා දිය ඉල්ලා.....

    දිය දෝතක් බොන්න ඕන
    දිය දෝතක් පිරුණු අතින්
    මල් අහුරක් ගන්න ඕන
    මල් අහුරක් තියෙන අතින්....

    සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

    ReplyDelete
    Replies
    1. වහින්නට හැකිනම් ගිගුම් දී.. වියලි ගම්බිම් වලට ඉහලින්..
      ඉදෙන්නට හැකිනම් බතක් වී පලක් නොඉදෙන පැලක රහසින්..

      ඊට වැඩිය මොනවද මචෝ.. ස්තුතියි සින්දුවා..

      Delete
  17. අනන්‍යයන්ගෙ ප්‍රයෝජනයට ආත්මාර්ථයෙන් තොරව උයන් වතු, පැන් තොට වල් ,මාර්ගයන් තනන මිනිසුන්ට දිවා රෑ පින් ලැබෙන්නේය. ගාථාව මතක නැහැ. ඇස් දෙක බොදවෙලා කදුලු පිරුන.. ඇත්තෙන්ම හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ගාථා නම් මටත් මතක තියෙන්නෙම නෑ. ස්තුතියි උදාර.. :)

      Delete
  18. UBALA TAMAI NIYAMA MINISSU, JAYEN JAYA WEWA

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාලක. සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. :)

      Delete
  19. කියන්න වචන නෑ මේ වැඩේ ගැන...ගොඩක් සතුටුයි...ඒවගේම මේ වැඩේට දායක උන හැම කෙනෙක්ටම ගොඩක් පින්...

    ReplyDelete
  20. නියමයි, කමියා සහ සෙට් එක උඹල නියමෙට වැඩේ කරල තියෙනව.
    මේ කරපු දේට ඒ ගමේ මිනිස්සු උඹලට හැමදාම පින් දෙයි.

    තවත් මේ වගේ අඩුපාඩු තියෙන තැනකට උදව් කරන්න උඹලට ශක්තිය ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.. උඹලගේ ශක්තිය තමයි ඉතින් ඉස්සරහට.. :)

      Delete
  21. හරිම ලස්සනයි. ඔයාලට ගොඩක් පින්. ආයෙම පින් කරන වෙලාවක අපිටත් මතක් කරන්ට.:)

    ReplyDelete
    Replies
    1. අනිවා.. දතක් ගලවනවම තමයි.. :) ස්තුතියි පොඩ්ඩි.

      Delete
  22. ඉතාම උතුම් සමාජ මෙහෙවරක් කළණ අයියේ. මේ ලිපි කියවලා, ඒ මූණු දැකලා අපිට මේ තරම් හැඟීමක් දැනෙනවනම්, එයට දායක වෙච්ච ඔබ ඇතුළු පිරිසට කොයි තරම් ආත්ම තෘප්තියක් දැනෙනවා ඇත්ද. අපිවත් මේ වගේ කර්තව්‍යයන් කරන්න පොළඹවමින් මේ අත්දැකීම් මේ විදිහට බෙදාගන්නවාට ගොඩාක් ස්තූතියි. ඔබ ඇතුළු මිතුරු පිරිසට බොහෝ පින්.

    ReplyDelete
    Replies
    1. //කොයි තරම් ආත්ම තෘප්තියක්// ඔව් එක වචනයෙන් කියන්න අමාරුයි නංගි.. බොහොම ස්තුතියි..

      Delete
  23. වතුර ව්‍යාපෘතිය බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් සාර්ථකව නිම කිරීම ගැන සුභ පැතුම්!

    මට හිතන්නේ මේ සත්කාර්යය ගැන කමිට වඩාත්ම සතුටු හිතෙන දවස තියෙන්නේ ඉදිරි අනාගතයේ. හරියටම කියුවොත් කමිගේ දරුවෙක් මේ පොස්ට් එක කියවල තමන්ගේ තාත්තා කෙතරම් උතුම් මිනිසෙක්ද සහ එවැනි තාත්තා කෙනෙක් ලැබීමට තමන් කෙතරම් පින්වන්තදැයි අවබෝධ කරගත් දවසට.

    You guys are the best. This post made me tear up!

    ReplyDelete
    Replies
    1. පොඩිම දරුවා ඉපදුනේ මේ ව්‍යාපෘතිය අතරතුර. ඒ කියන්නේ තව අවුරුදු දහයක්වත් යනවා මට වඩාත්ම සතුටු හිතෙන දවස එන්න.. :) අක්කයි අයියයි නම් දැනටම දන්නවා අප්පච්චිගේ 'බ්ලොග්' පිස්සුව ගැන..

      ස්තුතියි උදය..

      Delete
  24. කමියාගේ මැන්ජ්මන්ට් සහ තින්කින් ගැන සන්තෝසයි.. උදව් කරපු කිසිම කෙනෙක් අතනොඇර ස්තුති සහ තැගි දීම .ඒ මිනිස්සුන්ට ඒක මහ මෙරක් ගානයි.. කොටින්ම කියන්න තියෙන්නේ ඇඩෙනවා කියල විතරයි බං. පින්තුර වලින් උඹගේ කැප්ෂන් එකත් එක්ක ටැප් එක අරින්න නොදන්න පොඩි උන්ගේ මුණු දැකල මට හිතුන දේ තාමත් හිතාගන්න බෑ බං.. මෙව්වා පත්තරේ දාලා රත්ගම ආසනයෙන් ඡන්දේ ඉල්ලන්න පුලුවන් වැඩ.. හැක්.. ජය වේවා කමියා සහ පිරිවරට

    ReplyDelete
    Replies
    1. චන්දේ ඉල්ලන්න කලින් තව වැඩ පෙන්නන්න ඕනි.. හැක්. අහංගමින් ඉල්ලුවොත් චන්දෙ ලැබෙන එකක් නැද්ද?
      අර පොඩි උන් කරාමේ අරින්න දැනන් උන්නේ නෑ කියන එක ඇත්තටම මටත් ෂොක් එකක් වගේ වැදුනා..

      Delete
  25. මේ ගැන කලින් ඔබ කතා කරලා ඇති නමුත් ඇසිය යුතු ප්‍රශ්නයක්.

    කොහොමද මේ වතුර සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුතු වෙන්නේ.

    මෝටතේ කැඩුනොත් බැක්අප් ප්ලෑන් එකක් තියේද? කාර්මිකයෙකු ගේ සේවය ලබා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. කතා කරා නම් තමයි. ඒත් එහෙම ලොකු ප්ලෑන් එකක් නෑ. මේකේ ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වය ඉඩම අයිති සෙනෙවිරත්න මහතාට තමයි පවරලා තියෙන්නේ. සාමාන්‍ය ගෘහස්ත වතුර මෝටරයක් නිසා නඩත්තු අවමයි. වතුර මෝටරයට අවුරුදු 10ක වගකීමක් තියෙනවා. ටැප් එකක් ගැලවුනොත් දාගන්න වගේ ඒවා ලොකු සර් කරගන්නම් කියුවා. ඒ වගේ පොඩි දෙයක් ගමේ වැඩිහිටියන්ට කරගන්න පුළුවන්නේ. විශේෂ රෙපෙයාර් එකක් ආවොත් බාස් උන්නැහෙත් අහල පහල ඉන්නවා. වෙන ප්ලෑන් එකක් නෑ..

      Delete
    2. රසික හා කමිය, මේකට මේ වෙලාවේ අත දැම්මට කමක් නැහැ කියල හිතනවා. අපි නෙළුම් යායේ වගකීම හැටියට ගත්තේ වැඩේ සංවිධානය අකරණ එකනේ. ඉන්දික ල මේ විදුහලට කලින් ගිහින් තිබුන. පස්සේ මුදල් මදි නිසා අත් හරන වැඩක්. නැත්නම් මම හිතන්නේ මාරයා ලියපු මල්ලි හා ඉන්දික වැඩේ කරන්න තිබුන. කුරුටුල තමන්ගේ වැඩක් කලා . අපි දායක වුන. මිට කලින් බදුල්ලේ වෙන විදුහලක ත්‍යාග දුන්නා . දැන් මේවා ඔක්කොම රේඩාර් එකේ තබාගෙන ඉන්නේ. මේ විදුහල් වලට නැවත යන්න. වොලන්ටරි නෙට්වර්ක් එකක් හදන්න තමයි අපේ අදහස. දේශපාලන භේදයක් හෝ වෙනයම් භේදයක් නැතිව බ්ලොග් කරුවෝ එකතු වෙනවනම් කරන්න පුළුවන් දෙයක්. මේ විදුහල පයිලට් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් තියාගෙන ඉදිරියට යන්න තමයි අදහස. බ්ලොග් උළෙලේළං පස්සේ විදානේගේ යෝජනා වගයක් තිබෙනවා විදුහල් කීපයක් ගැන.

      Delete
    3. වොලන්ටරි නෙට්වර්ක්.. පයිලට් ප්‍රොජෙක්ට්.. යෝජනා.. :)

      පුලුපුලුවන් වෙලාවට උපරිම සහයෝගය දෙන්නම්.. මේ කරා වගේ.

      Delete
    4. අජිත් අයියගෙ අදහස හොඳයි.නැවත සොයා බැලීමක් වෙන්න ඕනෙ.මොකද අපි දන්න යතාර්ථය එච්චරම ලස්සන නැති නිසා. එක උදාහරණයක් කියන්නම්.
      එක්තරා පාසලකට පරිගණක විද්‍යාගාරයක් (ගොඩනැගිලි සහිතව,පරිගණක 4ක් පමණ.) පිරිසක් විසින් ලබා දුන්න.නමුත් පහුවදා ඉඳන් මේක අගුළු දාල.
      ළමුන්ට දෙන්නෙ නෑ කඩනවා කියලා.
      ගුරුවරුන්,දෙමාපියන් ඇහුවොත් කියනවා විදුලි බිල ගෙවන්න මුදල් නෑ කියලා.ළමයි පරිගණක දැණුම ගන්නෙ රෙදි වලින් වහල තියෙන මොනිටර් දිහා ජනේලෙන් බලලා.ඇත්තටම එතන විදුහල්පතිට ගස්ලබ්බ වැරැද්දක් කියන්නෙ නෑ..වැඩසටහන අතර තුර ඔහුගේ ආකල්ප දියුණුවටත් සූක්ශම වැඩ පිලිවලක් යොදන්න පුළුවන් නම් හොඳයි.(ඉඳගෙන කයිවාරුවක් ගහනගමන් නොදැනෙන්න කරතැහැකි.)

      Delete
    5. පහුගිය මාසෙට මේ විදුහල්පතිතුමා, ලොකු බාස්උන්නැහේ විතරක් නෙවෙයි සාජන් මහත්තයාත් වෙනස් කරා අපි.. 'කලින් විදුහල්පතිතුමා' ගැන උඹට ඉන්දික ගෙන් අහගන්න පුළුවන්.. ඒක කරේ වචන වලටත් වඩා 'visual leadership' එකෙන්.. ලොකු කමකට කියනවා නෙවෙයි.. ඒක ගැන මටම ආඩම්බරයි මම ගැන.

      Delete
    6. @kalayan - "well done my son " for visual leadership.
      දැන් මෙතන වොලන්ටරි කිව්වට පඩි ගෙවන කෙනෙක් හරි කිසියම් ගෙවීමක් ගෙන බ්ලොග් ලියන යාළුවෙක් හෝ දාල තියෙන්නේ ඕනේ වැඩේට. එහෙම කෙනෙක් හොයන්නත් ඕනේ. අනිත් අයට හැම වෙලේම වෙලා නැහැනේ. ඒ නිසා එහෙම දෙයක් තියෙන්න ඕනේ.

      Delete
    7. තැන්කියු අජිත් අංකල්.. :) පඩිය කියක් ගෙවනවද? ෆුල් ටයිම් ගෙදර ඉඳන් කරන්න පුළුවන් රස්සාවක් හොයන ගමන් තමයි මාත් ඉන්නේ.. :)

      Delete
  26. ඔබ ඇතුළු මේ සත්කාරය සඳහා කුමන අයුරකින් හරි දායක වෙච්ච හැමෝටම සිරස නමා ආචාරය පුද කරනවා...
    විශේෂයෙන් අපේ ජයේ ටත්...

    ReplyDelete
    Replies
    1. අහ.. ටිකක් වෙලා ගියා 'ජයේ'ව මීටර් වෙන්න.. ආශ්‍රය කරනකොට තේරෙන්නේ ඌ හරි හිත හොඳ එකා..

      Delete
  27. Replies
    1. එසේම වේවා.. නිහඬ යෝධයා.. :)

      Delete
  28. මේක දැක්කම බොහෝම සතුටක් ඇති වුනා.
    මිනිහෙක්ට බොන්න වතුර පොදක් දෙනවා කියන්නේ කොයි තරම් උතුම් දෙයක්ද?උඹලා කට්ටියට මේ ගැන සිතීමෙන් ඇති වන සතුටම ඇති ජිවිතේටම.

    ReplyDelete
  29. කියල වැඩක්නැහැ... නියමෙනුත් නියමයි..... මමත් සහභාගී උනා වගේ තේරුනේ... ඒ මුණු වල තියෙන ගතියට මම ආසයි. යන්න උනා නම් මොකද දන්නවද වෙන්නේ... පොඩි උන්ටික බිරාන්ත වෙනවා මාව දැකල... ඇයි මම හොටුපෙරාගෙන අඬන්න ගන්නවා ෂුවර්.... ඒ හින්දා උදව්වක් කරලා පැත්තකට වෙනවා නෙලුම් යායට ලැජ්ජා කරන්නේ නැතුව.. හෙහ් ( නැත්තම් උන් බලයි කවුද යකෝ මේ චාරුලතා... කියල)

    කියන්න වචන නැහැ..... අතිශයින්ම විශිෂ්ඨයි!!

    ReplyDelete
    Replies
    1. //නැත්තම් උන් බලයි කවුද යකෝ මේ චාරුලතා...// හැක්.. එහෙනම් වෙලාවට එක්ක ගියේ නැත්තේ.. චාරුලතා.. මරු කාඩ් එක.. හිටාන් උඹට..

      තැන්කියු වේවා! කැන්ඩි ගැනත් තියෙනවා මේ පොස්ට් එකේ.. උදව් කරන්න ඉදරිපත් උනාට කාරුණිකව ප්‍රතික්ෂේප කරපු ලැයිස්තුවේ.. ඊළඟ පාරනම් ප්‍රතික්ෂේප කරන්නේ නෑ..:)

      Delete
  30. වැඩේ අනර්ඝයි, ලිවිල්ලත් අගෙයි. පින්තුර ටිකත් අපුරුයි.. විශිෂ්ටයි. සහය දැක්වූ හැම දෙනාටම සුබ පැතුම්...

    මටත් පොත් ටිකකින් දායකවෙන්න තිබුණා. නමුත් බ්ලොග් කියවීම අතපසු වෙන නිසා මට මේ සත්කාරයට සහය වෙන්න බැරි වුණා. අල්ලපු වැටේ ඉඳලත් උදව් නොවුණට සොරි...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්..මක් වෙනවද 'වැට පැනලා' ඇවිල්ල අර පොත් ටිකවත් පිළිවෙල කරලා උදව්වක් දුන්නනම්.. ඊළඟ පාර සොරි ඔට්ටු නෑ.. :)

      Delete
  31. අයියේ කියෝගෙන එද්දි මහ පුදුම හැගීමක් දැනුනේ. මං හිතුවේ මං ආවම ඔයාලත් එක්ක එකතුවෙන්න. ඔයාලත් එක්ක හරියට සම්බන්ද වෙන්න බැරි වුණා. ටැප් එක අරින හැටි දරුවෝ දන්නේ නැ කියන කතාව ඇතුලේ මාත් හිරවුණා. ඒ ජීවිත ඇතුලේ කොයිතරම් නම් මගහැරුනු දේවල් ඇද්ද.

    ReplyDelete
  32. අයියේ කියෝගෙන එද්දි මහ පුදුම හැගීමක් දැනුනේ. මං හිතුවේ මං ආවම ඔයාලත් එක්ක එකතුවෙන්න. ඔයාලත් එක්ක හරියට සම්බන්ද වෙන්න බැරි වුණා. ටැප් එක අරින හැටි දරුවෝ දන්නේ නැ කියන කතාව ඇතුලේ මාත් හිරවුණා. ඒ ජීවිත ඇතුලේ කොයිතරම් නම් මගහැරුනු දේවල් ඇද්ද.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ දේවල් ඇතුලේ මග හැරුණු දේවල් ගොඩයි.. 'බ්ලොග්' කියන්නේ මොනවද කියලා කියල දෙන්න ගියාමත් මට ඒක තේරුණා.. ගොඩක් දෙනෙක් කම්පියුටර් කියන වචනෙන් එහාට දන්නේ නෑ.. ඉන්ටර්නෙට් ගැන දැනන් උන්නේ අතේ ඇඟිලි ගානට.. ඉන්ටර්නෙට් භාවිතා කරපු එක කෙනෙක්වත් අඩුම තරමින් ගුරුවරු අතරවත් හිටියේ නෑ.. නමකින් මනුස්සයෙක්ව තීරණය කරන්න බෑ.. නමුත් සාපේක්ෂව යුගයක් තීරණය කරන්න පුළුවන්නේ.. නමුත් මියාගල සුදුබන්ඩා මහත්තයා මට වඩා දෑවුරුද්දයි වැඩිමල්. අවුරුදු පහළොවේ දුවගේ නම චන්ද්‍රිකා මල්කාන්ති. ඔවුන් අඩුම වශයෙන් සාපේක්ෂව යුග දෙකක් පිටිපස්සේ ඉන්නේ කියල මට හිතුනා.. ඇයිද මංදා..
      ස්තුතියි ඔබේ කොමෙන්ටුවට.. ලංකාවට තවම ආවේ නෑ නේද? ආවම කතා කරන්න. නෙලුම්යායේදී හමුවෙමු.

      Delete
    2. අනේ එහෙමද , මං තාම ආවෙ නෑ, නෙලුම් යායෙදි හම්සතුට . මේ දේවල් වලින් ඔයාලා ලබන සතුට හිතාගන්න පුලුවන්.

      Delete
    3. //මං හිතුවේ මං ආවම ඔයාලත් එක්ක එකතුවෙන්න. ඔයාලත් එක්ක හරියට සම්බන්ද වෙන්න බැරි වුණා.//

      මොනවද මනුස්සයෝදොඩන්නේ.. ඔහේට පිස්සුද??? හැක්

      Delete
    4. එහේට පිස්සු නෑ. ඔහේ මේ අපේ කතා මැද්දට හොට දාන්නේ නැතුව ඉන්නවා හොඳයි.. :)

      Delete
  33. මේවාට උඹලා පිං බලාපොරොත්තු වෙන්නැතුව ඇති... ඒත් මේවා තමා පිං ලැබෙන වැඩ.... නැතුව නම ගහගෙන චූටි වැඩ කරන මිනිස්සු නෙමෙයි මිනිස්සු බං.... උන් අතර උඹලා දෙවිවරු....... උඹලාට නෙලුම්යායට මේ මිනිස්සු ජීවිතය තියෙනකල් පිං දෙයි. මේ ළමයි කවදා හරි මේ රට භාරගන්න දවසට උනුත් මනුස්සකම මොකක් ද කියලා තේරුම් අරන් වැඩ කරාවි........

    ReplyDelete
    Replies
    1. //මේ ළමයි කවදා හරි මේ රට භාරගන්න දවසට උනුත් මනුස්සකම මොකක් ද කියලා තේරුම් අරන්// මගේ අවසාන ඉල්ලීම උනේ ඒකයි.. ස්තුතියි කුරුට්ටෝ..

      Delete
  34. ගොඩක් හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්. බ්ලොග් ගල හොඳින් නේද? කාලෙකින් ඒ ගැන හොයන්නත් බැරි උනා.. වැඩනේ ඉවරයක් නැතුව..

      Delete
  35. එක දෙක දැක්කේ දැනුයි... මේකත් දැක්කම දුක හිතුනා යමක් එකතු කරන්න බැරි විම ගැන... කොහොම නම් සමාකරවාගන්නද මේක මග ඇරුණු එක ගැන වදවෙන හිතට...
    නියමයි කලණ සිත ! මොණරාගල කොයි තරම් ශුෂ්කද දන්නේ එහෙ ඉන්න අයයි.. වතුර පොදක් හොයන් බොහෝ දුර යන්න වුනු අයයි...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා.. ඉස්සරහට වැඩක් කරනකොට කරදර කරන්නාම්කො..

      කලණ සිත! එකත් මරු නම.. ස්තුතියි අනිත් කොන... :D

      Delete
  36. Replies
    1. Hiru ma'am welcome to Kalahitha. :) thanks for the appreciation.

      Delete